අපි සහල් බෙදන්නේ විදෙස් මුල්‍ය ආයතන එපා කියද්දි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී පවුල් 2,511,840ක් වෙනුවෙන් සහල් බෙදා දීම ඊයේ ආරම්භ කෙරිණ. මේ වෙනුවෙන් රජය වැය කර  ඇති මුදල රුපියල් 4,676,474,300කි.

රට පුරා දිස්ත්‍රික්ක 18ක අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නොමිලේ සහල් ලබා දීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුල කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් එය ඡන්ද ගුංඩුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු අවධාරණය කරන්නේ සහල් බෙදන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නොවන බවයි.

ආණ්ඩුවෙන් ජනතාවට යමක් බෙදුවොත් එය ඡන්ද ගුංඩුවක් ලෙස හදුන්වන, විපක්ෂය යමක් බෙදුවොත් එය ජනතා සේවය ලෙස හදුන්වන විපක්ෂයේ ගොන් තියරිවලට නොරැවටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහල් බෙදා දීමේ වැඩසටහන්වලට එක් වෙමිනි. කැලණිය, බියගම, මහර, කටාන හා දිවුලපිටිය යන ආසන වල මෙම සහල් බෙදා දීම සිදු කෙරිණ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *