ජනාධිපතිත් එක්ක මරාගෙන මැරෙන ගේමක් ගැහුවේ.. අද ඒක සාර්ථකයි

වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවසීය.

උද්ධමනය අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම, සහනදායී ලෙස පඩි වැඩි කිරීම ඡන්දයක් එන විට සිදු කළ හැකි යැයි සිතන මෝඩ, උද්දච්ච කුහකයින් පිරිසක් රජය විවේචනය කරමින් සිටින බවත් වත්මන් ආර්ථික සංඛ්‍යාලේඛන වලින් ජනාධිපතිතුමා සමග කළ මෙහෙයුම සාර්ථක වී ඇතිබව පෙනී යන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

වවුනියාවේ ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසීම, ශ්‍රී ලංකාවේ විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම යනාදී කටයුතු ගණනාවක් සිදු කෙරෙයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *