ධුරයෙන් ඉල්ලා අස්වන හැටි මහ බැංකු අධිපති කියයි

මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය මත තමන් ධුරයෙන් ඉල්ලා අස් නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

‘මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *