මෛත‍්‍රී අත්අඩංගුවට ගන්න හැටි පොලිස්පති කියයි

මෛත්‍රිපාල සිරිසේන මහතා පොලීසිය විසින් කර දැනුම්දීම අනුව ප්‍රකාශයක් ලබාදීමට නොපැමිණියහොත් අධිකරණයට දැනුම් දී ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බවද පැවසූ ඔහු හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට දැනට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ඇතැමුන් එසේ පවසන චෝදනාවන්හි කිසිදු පදනමක් නැති බවත් පැවසීය.

පාස්කු ඉරිදා දින මෙරටට එල් වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව අද දිනයේ ප්‍රශ්න ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශය සටහන් කරගනු ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියි.

ඔහු විසින් ලබාදෙන ප්‍රකාශය අනුව ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදුවනු ඇති බවද පොලිස්පතිවරයා පැවසුවේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *