ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක්.. – අගමැති

ශ්‍රී ලංකාවට ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) එකඟතාව පළකර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක් වන බවයි.

අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (22) අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමු වූ බවයි.

මෙරට දියුණුව කරා ගමන් කිරීමේ යම් ස්ථාවර මාර්ගයකට පැමිණ තිබෙන බැවින් ඒ පිළිබඳව ඔවුන් සතුට පළකළ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව ඉදිරි මූල්‍ය සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිකුත් කිරීමට එකඟයි යන්න එහි නියෝජිතයින් ප්‍රකාශ කර ඇති බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *