Microsoft සමාගම ජාතික විෂය මාලාවට AI අධ්‍යාපනය එක්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහය වෙයි

ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා ගිවිසුමට  අදාළව Microsoft 365 තාක්ෂණය පිරිනැමීමද ඇතුළත් වූ අතර, මෙම තාක්ෂණය ශිෂ්‍යයන් හා ගුරුවරුන් යන දෙපාර්ශ්වයටම සුරක්ෂිත සන්නිවේදන සහ සහයෝගීත්ව පහසුකම් සලසනු ඇත.

මේ යටතේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සැමට සමානව ලබාදීමේ අරමුණින්, ගෝලීය Microsoft Education කණ්ඩායම් සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙල කරන ලද පරිපූර්ණ විෂය මාලාවක්, එක් පළාතකටම අවම වශයෙන් එක බැගින් පළාත් 9 තුළින් තෝරාගත් පාසල් 20 ක ක්‍රියාවට නැංවීමට නියමිත ය. මෙම පාසල් මින් ඉදිරියට මෙම වැඩසටහන රට පුරා ක්‍රියාවට නැංවීමේදී ආදර්ශයක් ලෙස භාවිතා වනු ඇත. ‘Train the trainer’ ක්‍රමයට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් එය ශිෂ්‍යයන් මෙන්ම ගුරුවරුන් ද එක ලෙස සවිබල ගන්වනු ඇති අතර, ඒ ඔස්සේ AI යුගය ජයගැනීමට හොඳින් සූදානම් වීමට ඔවුන්ට හැකි වනු ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *