අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයක්

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබේ.

අද (22) පෙරවරුවේ ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

පසුගියදා අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී විධායක නිලධාරීන්ට බලපා ඇති ආර්ථික දුෂ්කරතා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බව ද එම කමිටුව සඳහන් කරයි.

මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, එසේ නොවුණොත් නිසැක වශයෙන්ම වැඩවර්ජනයකට යන බව ද පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *