32Kmක මධ්‍යම අධිවේගියේ තුන්වන අදියර වියදම බිලියන 29 සිට 52 දක්වා ඉහලට

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් සිදුකෙරෙන පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ විශේෂ නිරීක්ෂණයක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක් වුණා.

මෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 13.7ක ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකෙරෙන ආකාරය පිළිබඳව අමත්‍යවරයාගේ අවධානය යොමුවුණා.පොතුහැර සිට රඹුක්කන දක්වා මෙම අදියර සඳහා කොන්ත්‍රාත් පැකේජ 17ක්‌ යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් මේ වන විටත් ඉදිකිරීම් කටයුතුවල නිරත වන අතර ඒ අනුව එහි මූලික අදියරේ ඉදිකිරීම් 2025 වසර වන විට අවසන් කිරීමටත්, 2026 වසරේ ජූලි මාසය වන විට සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන ආකාරයට ව්‍යාපෘතියක් අවසන් කිරීම සැලසුමයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *