චම්පිකට ලොකු තනතුරක්

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නැවත වතාවක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිතරඟයෙන් අද (20) දින තේරීපත්වී තිබේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරකසභා සාමාජිකයන් වන ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, අනුරාධ ජයරත්න, ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න, සිසිර ජයකොඩි, උදයන කිරිඳිගොඩ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව සභාපති තනතුර සඳහා වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා කර ඇති අතර ලසන්ත අලගියවන්න මහතා විසින් එම යෝජනාව ස්ථිර කර තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *