සංචාරකයන්ගෙන් තව වැඩියෙන් අය කරන්න, ආප්පයක් ඩොලර් දහයට

‘ගාල්ල ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙලා. දැන් කාමර නෑ. මේ දෙසැම්බර් මාස වෙනකොට තමන්ට ගෙයක් තියෙනවා නම් දීලා වෙන කොහේ ගිහින් ඉන්න.

සංචාරක ව්‍යාපාරයෙන් අපි දැන් ඩොලර් 100-50 ගන්න එක මදි. දැන් ඩොලර් 200, 300, 400 ගන්න ඕනේ.

මට ඒ කාලේ එක්කෙනෙක් කිව්වා ලංකාවේ හොඳ ආප්ප කාල මේක රුපියල් 20කට පනහකට විකුණනවා. අපි හිටියා නං ඩොලර් දහයකට තමයි විකුණන්නේ කියලා’ යයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ලල හෝලුවාගොඩ ඉදි කළ  ‘සෙරින් රිවර් පාර්ක්’ පාරිසරික උද්‍යානය ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *