රට හැර ගිය දොස්තරලා, නර්ස්ලා ආපසු ලංකාවට !

රට යම් ස්ථාවරත්වයකට පැමිණීම, මෙරට ඇති නිදහස අන් රටවල නැතිවීම, ලංකාවට තිබෙන ආදරය ඇතුළු කරුණු හේතු කරගෙන මෙම පිරිස නැවත මෙරටට පැමිණීමෙන් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය.

විවිධ හේතූන් නිසා විදෙස්ගත වූ වෛද්‍යවරුන් හෙදියන් ඖෂධවේදීන් ආපසු මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ඔහු සඳහන් කරයි.

විදේශ රටවල පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලය තුළ පැවතියද එම තත්ත්වයද දැන් වෙනස්ව ඔවුන් මෙරටට පැමිණෙන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය නිසා වැසී යාමේ අවදානමක් පවතින පර්යන්ත රෝහල් වැසී යාමට නොදී ආරක්ෂා කර ගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *