8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට කෘතිම බුද්ධිය

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත්, කවර බාධක පැමිණියත් අනාගත වැඩලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ එනම් 8,9,10, 11, 12, සහ 13 ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවත් එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වන දා පාසල් 17 ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවත් තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය (Artificial Intelligence) හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබා දීමට ඒ අනුව හැකිවන බවත් , සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට ද එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *