ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට අවසර දෙන ලෙස තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණ ද දෙරට අතර පවතින ධීවර ගැටලුවලට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලැබෙන තෙක් මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබා නොදෙන බව ඇමැතිවරයා විසින් මෙහිදී දැනුම් දී ඇත.

තමිල්නාඩු ධීවර ඇමැති අනිකා රාධා ක්‍රිෂ්ණන් මහතාට දුරකථන මාර්ගයෙන් ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා මේ බව දැනුම් දී ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *