පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති

මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත.

ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් බෞද්ධයන්ගේද සිත් රිදවමින් තවදුරටත් කටයුතු කරන පිටිදූවේ සිරිධම්ම හිමියන් නිසා මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන බැවින් මෙම ඉල්ලීම කළ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ‘අරුණ’ පැවැසූහ.

ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *