නුවරඑලියේ විශේෂ වෛරස් මර්ධන එන්නතක්

නුවරඑළිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම ආපනශාලා සහ ආහාර පාන නිෂ්පාදනය කරන ආයතන වල සේවය කරන සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් (01) දින සිට සතියක් පුරාවට සිදු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසිය.

එළඹෙන අප්‍රේල් මස පැවැත්විමට නියමිත වසන්ත සැණකෙළිය වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් නුවරඑළිය නගරයට පැමිණෙන බැවින් ඔහුන් සියලු දෙනාගේ ආහාර පරිභෝජනයේ ආරක්ෂාව උදෙසා ආහාර පාන අනුභවයෙන් සිදු වන ආසාදනයන් වැළැක්වීම සහ ආහාරපාන මගින් බෝවන ටයිපොයිඩ් උණ ආසාදනය නොවීමට පෙර සූදානමක් වශයෙන් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ප්‍රධාන නාගාරික සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *