හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය ගැන පාපොච්චාරණයක්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඊයේ (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, පසුගිය (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ පැය නවයක ප්‍රකාශයක් ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *