රජයෙන් ජල බද්දක් !

රටට බත සපයන ගොවි ජනතාවගෙන් ජල බද්දක් අයකිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ දී ගොවි සංවිධාන නියෝජිත හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ රටේ ජල සම්පත සුරක්ෂිත කිරීම සඳහා ජල ප්‍රතිපත්තියක් සැකසීම කෙරෙහි යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇති බවයි. එවැනි ජල ප්‍රතිපත්තියක් සකස් කිරීම අද හෙට සිදුවන්නක් නොවන බවත්, එය සකස් කිරීමට දීර්ඝ කාලයක් ගතවන අතරම, ඒ සඳහා විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කළ යුතු ගැඹුරු ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ගොවි සංවිධාන නියෝජිතයෙකු මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් විමසා සිටියේ ගොවි ජනතාවට ජල බද්දක් අයකිරීමේ සැලැස්මක් තිබෙන බවට පවතින මතය සත්‍යයක් ද යන්න යි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ජල බද්දක් පනවන බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුළ බිල්ලෙක් මවාපාන බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *