මහින්ද බන්ධනාගාරයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටී.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කලද ඔහුට ඇති අසනීප තත්ත්වයන් මත මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය.

හිටපු ජනාධිපතිවරයා එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැය භාගයක පමණ කාලයක් කතාබහක නිරත වී තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *