පුද්ගලික බස් සේවකයන් ත‍්‍රස්තවාදීන් !

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පෞද්ගලික බස් රථවල සේවකයින් විසින් සිදු කරන පහරදීම් සහ හිරිහැර කිරීම හේතුවෙන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ලංගම සේවක පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

එහි දී එම ස්ථානයට පැමිණි ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උද්ඝෝෂණයේ නිරත පිරිස් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලීය.

එහි දී ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව ද සිය අවධානය යොමු කරමින්, මේ වන විටත් එම ගැටලු නිරාකරණය සඳහා අමාත්‍යවරයා ලෙස තමන් මැදිහත් වී ඇති බවත් මීට පෙර කිසිඳු අමාත්‍යවරයෙකු සිදු නොකළ ආකාරයෙන් සේවකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව තමන් සෘජුව මැදිහත් වීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සියලු දෙනාගේ දායකත්වයෙන් ලංගම පොදු ප්‍රවාහනයට එරෙහි මාර්ග ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහි දී අදහස් දැක් වූ ලංගම වෘත්තිය සමිති නායකයින් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමත් සමඟ මේ වන විට ආයතන තුළ විශාල වෙනසක් සිදුවෙමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන බවත් ඊට සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *