මාලිමාවට රට ගොඩනැගීම අභියෝගයක්

බලය ලබාගැනීමත් බලය ලබාගත් පසුව රට ගොඩනැගීමත් ජාතික ජන බලවේගය මුහුණදෙන ප්‍රධාන අභියෝග බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති සමුළුවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පල කලේය.

‘අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිවයි. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.’

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *