මා ජනපති වුනාම IMF ගිවිසුම වෙනස් කරනවා

සමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වන්නේ වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කරුණු කාරණාවලට නොව රට බංකොලොත් වීමත් සමඟ මෙරට කාන්තාවන් ප්‍රමුඛ ජන සමාජයේ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවන බරපතල ඛේදනීය තත්ත්වයට උත්තර සහ විසඳුම ලබා දීම සදහා බවත් බොහෝ දෙනකුට කාන්තාව අමතක වී ඇති මොහොතක කාන්තා ප්‍රඥප්තියක් සකස් කිරිමට යොමු වූයේ අද ඊයේ නොව 2019 වසරේ බවත් මේ එහි දිගුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අවස්ථාවේ රටේ ඇති ලොකුම අභියෝගය වන්නේ දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමත් තොරතුරු තාක්ෂණය සිහිනයක් නොව යථාර්ථයක් කරන්නේ කෙසේද යන්න මිස දේශපාලන පක්ෂ නොවන බවත් ආර්ථික වර්ධනය සැමට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට බෙදී යන ආකාරයට ක්‍රියාත්මක කිරීම අභියෝගයක් බවත් අනෙකුත් පක්ෂවල අභියෝග තැකීමකට ලක් නොවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර දී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අස්ගිරි පාර්ශවයේ මහා ලේඛනාදිකාරි මැදගම ධම්මානන්ද හිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවාදීව සංශෝධනය කරනවා

සමගි ජන බලවේගය අයි. එම්. එෆ්. රාමුව තුළ නැවත සංශා්ධනයකට යන බවත් ජනතා විරෝධි ප්‍රතිගාමී කොටස් ඉවත් කර ජනතාවදී එකඟතාවකට යොමුවන බවත් සමගි ජන බලවේගයට පැහැදිලි දැක්මක් ඇති බවත් ඒ සදහා දක්ෂ පක්ෂ කණ්ඩායමක් සිටින බවත් ඒ අභියෝග සියල්ලට මුහුණ දී සත්‍යවාදීව මුහුණ දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *