ජනතාව රනිල් ප්‍රතික්ෂේප කරලා, ඔහු ජනාධිපතිවරණයට එන්නෑ

රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් බවත්, එවැනි කෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය මැතිවරණ කොට්ඨාශයේ ජන්ද පොල 129 ක සමාජිකයන් දැනුවත් කිරිම සදහා ගිනිගත්හේන සමගි ජනබලවේගයේ කාර්යාලයේ පැවති රැස්විමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් සංවිධානය කර තිබුණි.

රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ

සමගි ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ , ගම් මට්ටමින් , ආසන මට්ටමින් , සියළු පාර්ශව මට්ටමින් ආරම්භ කරලා ඉවරයි.

රනිල් වික්‍රමසිංහව ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් , ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙයි කියලා මම හිතන්නෙත් නැ.

අනුර කුමාර දිසානායක කිව්වේ ඉන්දියානු භාණ්ඩ ගන්න එපා , ඉන්දියනු භාණ්ඩ තියෙන කඩ වහන්න කියලා දැන් ඉන්දියාවට යනවා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *