ගණිකා වෘත්තිය නීතිගත කරනවා

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් (24) දින නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“සජබ නායකතුමා පොරොන්දු දීගෙන දීගෙන යනවා. පොරොන්දු දෙන්න සල්ලි තියෙනවද ? සල්ලි නැහැ. මේ රටේ ආර්ථිකය හදන්න ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා හැර වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මැජික් වලින් හොයන්නත් බැහැ. ආර්ථික වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ වේදීකාවල කලාකරුවෙක් ගෙනල්ලා සින්දුවක් කීවම, නිළියක් ගෙනල්ලා සාහිත්‍ය කතාවක් කීවම ලොකු වැඩක් කියලා හිතනවා.

ලගදී වේදිකාවේ කියනවා කාන්තාවෝ සීයයි. පියයුරු දෙසීයයි කියලා. මේ මොනවද කියන්නේ. කුණුහරුප කියන්නේ. ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියනවා. පියයුරු පෙන්නගෙන කොළඹ ඉදන් ගාල්ලට ඇවිදින්න ඕනේ කියනවා. මේවා නෙමේ වැඩ. රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නයි ඕනේ. “

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *