විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් යයි

විදුලිය නැත්නම් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බවට විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්තගේ මහතා කළ ප්‍රකාශය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමාව ඉල්ලා සිටී.

රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විදුලි බලය නැතත් ලාම්පු එළියෙන් දරුවන් ඉගෙනීමට යොමුවිය යුතු බවත් එවන් තත්ත්වයන් යටතේ අධ්‍යන කටයුතුවල දක්ෂතා පෙර පරම්පරාවන් විසින් ලබා ලබාගෙන ඇති බවත්ය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලවල දැඩි විවේචන එල්ල වුණ පසුබිමක මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *