තවත් දැවැන්ත පිරමිඩයක් රටම අන්දයි

රට පුරා ප්‍රදේශ රැසක ජනතාව රවටමින් රුපියල් කෝටි 800ක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

රට තුළ වෙළඳ ප්‍රජාවක් නිර්මාණය කරන්නේ යැයි පවසමින් මෙසේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසි දෙදහසක් පමණ රවටා මුදල් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.

මෙම ක්‍රමය පිරමීඩ ආකාර ගනුදෙනුවකට බොහෝ සමාන බව හඳුනාගෙන ඇති අතර රට පුරා පොලිසි වලට පුද්ගලයන් රැසක් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් ද මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *