ඉතිහාසයේ විශාලතම පුද්ගලීකරණය මේ ආණ්ඩුවෙන් කරනවා !

මෙරට ඉතිහාසය විශාලතම පෞද්ගලිකරණය වත්මන් ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

‘මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට වීමට කැමති ඕනෑම අයෙකුට අප එම ඉඩම් ලබා දෙනවා.’

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *