ආසියානු මුදල්වලින් ගණුදෙනු කිරීමට ඉරානය හා ශ‍්‍රී ලංකාව එකග වේ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් ඊයේ (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දෙරටෙහි සමීප ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගිතාව පුළුල් කිරීම හා වෙළෙඳ සහ ආයෝජන පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

එක්සත් ජනපද ඩොලර් වෙනුවට ආසියානු මුදල්වලින් වෙළඳාම් කිරීමට කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා සහ ඉරාන අමාත්‍යවරයා එකඟ වූහ. අමාත්‍ය අමීර්-අබ්දුල්ලාහියන් පැවසුවේ ඉරානය, ඉන්දියාව සහ චීනය සමඟ වෙළඳාම් කිරීමට බැංකු කටයුතු දැනටමත් සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකාව සමඟ ද එවැනිම විධිවිධාන සලසා ගත හැකි බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *