අගරදගුරු මැදුරෙන් නිවේදනයක් !

මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ ඊයෙ දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර ඊයෙ (19) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ ඊයෙ දින පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පිරිස් පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ධීවර ජනතාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ දරන බවය.වසර ගණනාවක් පුරාවට පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගන්නා පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් භුක්ති විදින මෙම දේපළ සම්බන්ධයෙන් නඩු පවරන ලද්දේ එහි ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.

මේ අතර මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් ඊයෙ දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.

ඒ සිය ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.

ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.

ඒ අනුව මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලෙල්ලමේ ධීවර කටයුතු සිදුකරන ධීවරයින් ඊයෙ දහවල් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති මැදුර ඉදිරිපිටට පැමිණියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *