අගමැති එක්සත් ජාතීන්ගේ සහාය ඉල්ලයි !

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කියු ඩොන්ගු මහතා (Dr.Qu Dongyu ) අතර හමුවක්  ඊයෙ  (2024.02.19) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ( FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති අප්‍රිකාවේ හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේද එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව FAO විසින් සලකා බලන බවයි. ආචාර්ය කියු ඩොන්ගු මහතා ( Dr.Qu Dongyu) ශ්‍රී ලංකාවේ දේශගුණික තිරසරභාවය අගය කළ අතර, ″මෙම දූපත ඉන්දියන් සාගරයේ දීප්තිමත්ම ජල බිංදුව” ලෙස හැඳින්විය හැකි බව පැවසීය. මෑත යුගයේදී සිදු වූ පෙර නොවූ විරූ අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඔහු කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට යළිත් පත්වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *