කඳුකර ද්‍රවිඩ ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක්කර ගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අදාළ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වතුකර ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ‘භාරත්-ලංකා’ නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19) ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *