අනුරලා ඉන්දියාවෙ ගියනිසා ඉන්දියාවේ මෙරට ආයෝජන ඉහලට

රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් යූ.පී.අයි. ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *