සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව දෙන්න ජනාධිපති එකග වුනා

සෞඛ්‍ය සේවකයන්ට DAT දීමනාව ඇතුළු දීමනා ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කරන ලද බව රාජ්‍ය සේවා හෙද සංගමය සඳහන් කරයි.

එහි සභාපති පූජ්‍ය මූරැත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළේ මෙම දීමනාව ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් එළැඹෙන 19දා සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වෛද්‍යවරුන්ට ලබා දුන් තිස් පන්දහසක DAT දීමනාව වෙනුවෙන් තම සංගමය වෘත්තිය ක්‍රියා මාර්ගවල නිරත නොවුනත් ක‍්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා අදාළ දීමනාව ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම පිළිබඳව සතුටට පත්වන බව ද උන්වහන්සේ පැවසූහ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *