පුරාණ ක්‍රමයට ශ්‍රි පාදය කරුණා කරති

අනුරාධපුර පුජා නගරයේ සුරිසුව අරණ ආරණ්‍යවාසි , සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ විහාරවාසි පුජ්‍ය අනුරාධපුර සෝමරත්න හිමියන් ප්‍රමුඛ අනුරාධපුර ප්‍රදේශයෙන් පැමිණි 55 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් ශ්‍රි පාද කරුණාවට එක් වි සිටිහ.

පුරාණ ක්‍රමයට ඇදුම් පැළදුම් වලින් සැරසි තුන්සරණේ ගායනා කරමින් එම නඩය නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා කරුණා කරනු ලැබුවේ වර්තමානයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන වන්දනාකරුවන්ට ආදර්ශයක් ලබා දෙමිණි.

පුරාණ ක්‍රමයට අදාර්ශමත් ආකාරයෙන් ශ්‍රි පාදය වන්දනා කිරිමට වන්දනා නඩයක් සංවිධානය කල අනුරාධපුර සෝමරත්න හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන බෝහෝ පිරිසක් ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස නොසලකා පැමිණෙන බවයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *