එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට හදිසි දැනුම්දීමක් !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි, සාජා, ෆුජයිරා, අජ්මාන් සහ රාස් අල් කයිමා යන ප්‍රදේශවලට ඊයේ  (11) තද සුළං, අකුණු සහ ගිගුරුම් සහිත වැසි වාර්තා වී තිබේ.

අහිතකර කාලගුණික වෙනස්වීම් හේතුවෙන් අද (12 ) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට රාජකාරි සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීම් කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, රැකියා ස්ථානයේ භෞතිකව සිටීම අවශ්‍ය තනතුරු හැර අනෙකුත් සියලුම රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දී ඇති බවය.මේ හේතුවෙන් පාසල් සිසුන්ට ‍මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද නිවසේ සිට අධ්‍යනය කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇත.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව සිදුකළ අනතුරු ඇඟවීම් අනුව මෙම ක්‍රියාමාර්ග අරගෙන ඇති බව සඳහන් වේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *