අමුල් සමාගමට දෙන ඉඩම් මාස හයකින් එන මාලිමා ආණ්ඩුවෙන් යලි පවරා ගන්නවා

ඉන්දියාවේ අමුල් සමාගමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අකර විසි අටදහසක් ඇතුළු සම්පත් රැසක් කුණු කොල්ලයට වත්මන් රජය අලෙවි කිරීමට සූදානම් වන්නේ යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේපනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු දේපොළ නැවත පවරා ගැනීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ එම ඉඩම් අලෙවිට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් තැබීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

මෙරට පාලකයන්ට තුට්ටු දෙකක් අත මිට මොනවා එම සම්පත් මිලදී ගන්නා අමුල් සමාගමට ද අනතුරු අඟවා සිටින බවද ඔහු එහිදී තවදුරටත් අවධාරණය කලේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *