ජනපති දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 309 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (10) රාත්‍රියේ පැමිණ තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වැනි දින රාත්‍රියේ ඕස්ට්‍රෙලියාව බලා පිටත් ව ගියේ ය.

ජනාධිපතිවරයා සිය සංචාරය තුළ 07 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා ද පවත්වනු ලැබීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *