හදිසි තත්ත්වයක් වූ හුදකලාව !

හුදකලාව නොහොත් තනිකම කැලිෆෝනියාව තුළ ‘මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අදාළ යෝජනාවක් කැලිෆෝනියා බලධාරීන් විසින් පසුගිය දා සම්මත කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

‘තනිකම‘ දීර්ඝ කාලීනව අහිතකර ප්‍රතිඵල අත්කර දෙන ගෝලිය සෞඛ්‍ය තර්ජනයක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ප්‍රකාශ කර තිබුණි.

කිසියම් පුද්ගලයෙකු තනිව නැතහොත් හුදකලාවෙන් සිටින විට එය මානසික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙන් ද බලපෑම් එල්ල කරන අතර එවැනි පුද්ගලයින් හෘදයාබාධ, මානසික ආතතිය, ආඝාතය හා හදිසි මරණවලට ගොදුරු වීමේ හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදී ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *