නැගී එන තාක්ෂණය ගැන ඉන්දියාව සහ ජපානය අවදියෙන්

නැගීඑන තාක්ෂණයන්හි සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාව සහ ජපානය අතර ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් සංචාරයක් සඳහා ජපානයට පැමිණ ඇත.

එහිදී ඔහු ජපානයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් සමග සාකච්ඡා වට කිහිපයකට සහභාගිවී තිබේ.

වෙළෙඳ, කර්මාන්ත හා ආර්ථික යන අංශ ඔස්සේ දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර ආරක්ෂක සබඳතා තර කරගැනීම සම්බන්ධයෙන් ද එහිදී ප්‍රමුඛ අවධානයක් යොමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *