ඇෆ්ගනිස්තානය කියන්නේ අපිට වැඩිය අත්දැකීම් තිබෙන කණ්ඩායමක් – කුසල්

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල  කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසයි.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපේ කණ්ඩායමට වඩා ගොඩක් තරගාවලිවලට මුහුණ දීලා පළපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා. ඒ කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉන්නවා. ඇෆ්ගනිස්තානය කියන්නේ මේ වනවිට ඉතාමත් හොඳින් ක්‍රීඩාකරන කණ්ඩායමක්.”

“මෙවර ඉතාමත් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා. වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රිඩකයන් තිදෙනෙක්. ඒක අපේ කණ්ඩායමට ශක්තියක්. වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක් ඉන්නවා. පිතිකරණයත් හොඳ මට්ටමක තිබෙනවා. මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි කණ්ඩායමක් වශයෙන් බලාපොරොත්තු වෙනවා.”

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *