අසහන කාරීන්ට බස් රථ තුලදී පොලිසිය දැල එලයි !

පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර මැඩලීම සදහා විශේෂ මෙහෙයුමක් මේවන විට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊට අදාළව ඊයේ (07) බස්රථ වල සිදුකර මෙහෙයුම් වලින් පුද්ගලයන් 42 අත්තඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් දෛනිකව ලැබෙන පැමිණිලි හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙ නියෝග මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වාත් සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලය තුළ වැඩි ප්‍රමුකතාවක් ලබාදෙමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම කාලය තුළ බස්රථ වල බස් බිපෝ වල,දුම්රිය ස්ථාන වල සහ විශාල ජනකායක් සිටින ප්‍රදේශ වල සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවන බව පොලිසිය පවසයි

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *