වන විනාශයක් සොයන්න ගිය පාහියන්ගල හිමිට ජනතා විරෝධය

පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර අද (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

ඒ, කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තුව වන රක්ෂිතය අනවසරයෙන් හෙළිපෙහෙලි කරන බවට ලැබුණු තොරතුරක් ගැන විමසා බැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

ඒ අනුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබුණි.

කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි.

එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය.

එහිදී ගම්වාසීන්ගෙන් එම පිරිසට පහරදීමක් සිදුවූ අතර ස්වාමීන් වහන්සේ සමග මාධ්‍යවේදීන් ගමන් ගත් මෝටර් රථයකට ද පහරදීමක් සිදුවී තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *