පාස්කු බෝම්බ ගැහුවේ ජවිපෙ කොළඹ නායකයෙක් – ප‍්‍රසන්න

රට සිස්ටම් එකකට ගේන්න යහපාලනයක් ඇති කරන්න කියලා මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝර ගත්තා. මම එදා ඔහුට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. ඔහු වැඩ කළාද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරය එක්ක, ජාතික ආරක්ෂාව කඩන් වැටෙන කොට තමයි ගෝඨාභය මහත්තයව ගෙනාවා. පාස්කු ප්‍රහාරය කළේ අපි කියලා අද අපිට චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊබ්‍රහීම් කියන මනුස්සයයි එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා බෝම්බ තිබ්බේ. පුත්තු තුන්දෙනාම ජවිපෙ බල මණ්ඩලවල හිටපු අයයි. ගෝඨභාය දිනවන්නද ජවිපෙ කතෝලික මිනිස්සුව මැරුවේ කියල මම ජනතා විමුක්ති පෙරමුණේන අහනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනෙහිමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *