උතුර හා නැගෙනහිර අයත් වන්නේ සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමට

ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත් අයත් වන්නේ සිංහල ශ්‍රී ලංකාවට නොව දෙමළ ඊළමට බව උතුරු පළාත් හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ පැවැතියේ සිංහලයන්ගේ ආණ්ඩු පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

පළාත් සභා අහෝසි කළ යුතු බවට ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් විග්නේෂ්වරන් මහතා විසින් යවන ලද ලිපියේ මෙම කරුණු දක්වා ඇත.

මිලියන 22 ජනගහනයක් ඇති රටකට පළාත් සභා සුදුසු නොවන බව මිලින්ද මොරගොඩ මහතා සඳහන් කර තිබිණි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *