ග්‍රැමි සම්මාන උළෙලේ දී ඉන්දියාව නැවතත් ඉදිරියට

2024 ග්‍රැමී සම්මාන උළෙලේ දී ඉන්දීය බෙර වාදක සකීර් හුසේන් සහ බටනාලා වාදක රාකේෂ් චෞරාසියා “Best Global Music Performance”  සම්මානයට පාත්‍ර වී තිබේ.

ඒ ඔවුන්ගේ “Pashto” නම් ගීතය වෙනුවෙනි.

එමෙන්ම සකීර් හුසේන් ප්‍රමුඛ ශක්ති නම් සංගීත කණ්ඩායම  “Best Global Music Album” සම්මානය ද දිනාගත්තේය.

එහි සංගීත ශිල්පී ලෙස ශංකර් මහදේවන්, වායලින් වාදක ලෙස එල් ශංකර්, බෙර වාදක වික්කු විනයක්‍රම් සහ ගිටාර් වාදක ලෙස බ්‍රිතාන්‍ය ජෝන් මැක්ලෝලින් කටයුතු කර තිබේ.

66 වැනි ග්‍රැමී සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර උත්කර්ශවත් ලෙස පැවැත් විය.

මෙහිදී කාණ්ඩ 94ක් යටතේ සම්මාන ප්‍රදානය කර ඇත.

වසරේ ගීතයට හිමි සම්මානය බිලී අයිලිෂ් (Billie Eilish)  දිනාගත්තේ Baby සිනමාපටයේ එන What Was I Made For? ගීතය සඳහායි.

වසරේ ගීත ඇල්බමයට හිමි සම්මානය හිමිවුණේ ටේලර් ස්විෆ්ට්ගේ (Taylor Swift)   Midnights ඇල්බමයටයි.

මේ අතර වසරේ හොඳම ගීත නිර්මාණය වූයේ මයිලි සයිරස්ගේ (Miley Cyrus)   Flowers නම් ගීතය යි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *