උසස් පෙළ පාසල් 3,000ක් ඩිජිටල්කරණයට !

එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

ඒ අනුව, මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත්, අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *