ට්‍රම්ප්ට පණිවුඩයක් !

ජපානය, චීනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පණිවිඩයක් යැවීමට සූදානම් වනවා. ඒ, කලාපයේ සාමය අවදානමට ලක්විය හැකි බැවින් චීනය සමඟ කිසිදු ගණුදෙනුවකට නොයන ලෙසට දන්වමින්. අමෙරිකාවේ ආසියානු මිතුරා ලෙස සැළකෙන්නේ ජපානයයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප්ට ජය හිමිවන ලකුණු පහළ වී ඇති හෙයින් ජපානය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. එමෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ලබන අප්‍රේල් මාසයේ අමෙරිකාවේ සංචාරයක නිරතවීමට සූදානම් වෙමින් සිටින අතරතුර මෙම පණිවුඩය යැවීමට තීරණය කිරීම විශේෂත්වයක් බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *