ජනාධිපති අපේක්ෂකයා ගැන සාකච්ඡාවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බව එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

“මොන දේ වුණත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා. අපි ඒ්ක පැහැදිලිව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා.”

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *