තෙවන ලෝක යුද්ධයේ යුද අවි හා තාක්ෂණය

අප ජීවත් වන්නේ තොරතුරු මගින් මෙහෙයවන යුගයක ය. තාක්ෂණික ජයග්රෙහණ යුද්ධයේ මුහුණුවර සහ අප යුද්ධයට සූදානම් වන ආකාරය වෙනස් කරයි. – විලියම් ජේ. පෙරී
ලෝක ඉතිහාසය තුළ ලෝක යුද්ධ යනු මඟ හැරිය හැකි මාතෘකාවක් නොවේ. පළමු ලෝක යුද්ධය 1914 -1918 දක්වාත් දෙවන ලෝක යුද්ධය 1939 -1945දක්වාද ක්රිතයාත්මක වූයේ මිලියන ගණනක් මනුෂ්යක ජීවිත හා දේපල හානි අත් කර දෙමිනි.
තුන්වන ලෝක සංග්රාදමයක ගිණි පුපුරු අපට වර්තමානය තුල නිතර දක්නට ලැබේ. ඉරාකය විසින් කුවේටය ආක්රවමණය කිරීමත්, මෑත කාලය තුල රුසියාව යුක්රේ නයට එරෙහිව යුධ ප්රඉකාශ කිරීමත් තෙවන ලෝක යුද්ධයක පෙර නිමිති විය හැකිය.
ක්ෂය වෙමින් පවතින ස්වාභාවික සම්පත් අතර ජලය හා ඛණිජ තෙල් යනු ප්ර ධාන පෙලේ මිනිස් අවශ්යවතා වේ. වර්තමානයේ සිදුවන පරිසර විනාශය හේතුවෙන් නුදුරු අනාගතයේදී මුලු මහත් මිනිස් ප්ර ජාවටම ජල පරිභෝජනය හා ජල සං රක්ෂණය යනු පිළිතුරු රහිත උභතෝකෝටිකයක් වනු නොඅනුමානය. යම් විටෙක මෙම ජල අර්බුදකාරී තත්ත්වය හෝ ඛණිජ තෙල් නිෂ්පාදනයේ බලවතා වීමේ තරඟය තෙවන ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් කිරීමට පුළුවන.
සියවස් ගණනක් පුරා සිදුකල පර්යේෂණ හා අත්හදා බැලීම් තුලින් දියුණු වූ තාක්ෂණය මහා පරිමාණ විප්ලවකාරි ප්රුසාරණයකට ලක් වන්නේ ලෝක යුද්ධ ආරම්භ වීමත් සමගය. යම් හෙයකින් තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වුවහොත් එහි අවසානය කෙතරම් විනාශකාරී වේදැයිපුරෝකතනය කිරීම අසීරුය. එය පැහදිලි ව ම පෙර පැවති ලෝක සංග්‍රාම දෙකට ම වඩා බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගනු ඇත. තාක්ෂණයේ ශීඝ්‍ර විකාශනයත්, නව නිපැයුම්වල බලපෑමත් නිසා දියුණුතම තාක්ෂණයට හිමිකම් කියන පාර්ශවයට අවම හානියකින් යුතුවජයගැනීමේ ඉහල සම්භාවිතාවක් මේ වන විටත් තාක්ෂණය විසින් විවර කර දී තිබේ.

පළමුවන ලෝක යුද්ධය
පළමු ලෝක යුධ සමයෙහිදී බොහෝ නවෝත්පාදන සඳහා විද්යාිඥයින්ගේ බුද්ධිමය දායකත්වයද රාජ්යා අනුග්රෝහයදනොඅඩුවලැබිණි. එහි ප්රාතිඵල ලෙස බිහිවූ යුධ අවි සමහරෙක් ගැන මෙහි සඳහන් කෙරේ.

මැෂින් තුවක්කු (machine guns)
පළමු නිෂ්පාදනය 1884. දියුණු කල විවිධ විකාශනයන් සහිත මැෂින් තුවක්කු ලෝක යුද්ධය අවසන් වන විට බිහි වී තිබුණි.Recoil තාක්ෂණය යොදා ගෙන ක්රිලයාත්මක කෙරිණි. පසු කාලීනව ගෑස් මඟින් රී-ලෝඩ් කරන මැෂින්තුවක්කුද බිහි වුණි.

යුද්ධ ටැංකි (Tanks)
පළමු නිෂ්පාදනය 1916බ්රි.තාන්ය්යෙන් විසින්. සතුරු බාධක බිඳ හෙලීමේප්රනබලම අවියක් විය.පළමු වරට බර සන්නාහයන් (Heavy armours) හා කැටපිලර් පීලි (caterpillar tracks) යොදා ගැනිනි. පසු කාලීනව යුද්ධ ටැංකියටම සවි කල මැෂින් තුවක්කු හා කාලතුවක්කු භාවිත කෙරිණි. ටැංකි නාශක රයිෆලය (Anti-tank rifle) පළමු නිෂ්පාදනය 1918 ජර්මානුවන්විසින්.විශේෂයෙන්ම යුද්ධ ටැංකි වල බර සන්නාහයන් පසාරු කිරීමට යොදා ගත් රයිෆලයකි.

ෆ්ලේම්ත්රෝයවර් (Flame – thrower)
ක්රිF. ව. 637 දී පමණ ග්රීයක ජාතිකයින් විසින් පළමු වරට නිපදවන ලදි.අඩි40 ක පමණ දුරකට ගිනි විදිය හැකි මෙම උපකරණය වැඩි දියුණු කරන ලද්දකි. සම්පීඩනය කල වායූන් පිට බැඳි ටැංකියක් තුල ගබඩා කර අවශ්යම විටෙක නොසලයක් මඟින් ගිනි පිට කල හැකිය.

 

විෂ වායු (Poisonous gases)
ප්ර ධාන වශයෙන් ක්ලෝරීන් (Chlorine), ෆොස්ජීන් (Phosgene-COCl2) හා මස්ටර්ඩ් (Mustard- (ClCH2CH2)යන වායූන් වර්ග භාවිත කරන ලදි.ලෝක යුද්ධය ආරම්භයේදී ක්ලෝරීන් වායුව භාවිතයට ගැනුනත් එමඟින් අපේක්ෂිත ප්රනතිඵල නොලැබීම නිසා වැඩි දියුණු කල ෆොස්ජීන් භාවිත කෙරිණි. විෂ වායූන් මඟින් සිදුවූ මරණ වලින් 81%ක් පමණ මෙම ෆොස්ජීන් වායුව හේතුවෙන්සිදුවී ඇත.
යුධමය කාල වකවානුව තුල බහුලව භාවිතා කරන ලද්දේ මස්ටර්ඩ්වායුවය. ඝනත්වය වැඩිම විෂ වායුවය. එබැවින් සතුරු අගල්වලට පහර එල්ල කිරීම සඳහා යොදා ගැනිණි.

ගුවන් යානා හා නැව් (Aeroplanes and Ships)
1903 වසරේ දී රයිට් සහෝදරයන් විසින් සොයාගත් ගුවන් යානය මුල් කාලයේදී භාණ්ඩ ප්ර වාහන මාධ්යෙයක් ලෙස යොදා ගැනුණි. ගුවන් යානය පසු කාලීනව බෝම්බ හෙලීමටත්, මැෂින් තුවක්කු සවි කර ප්ර හාරක ගුවන් යානයක් (Fighter aircraft) ලෙසටත් පරිවර්තනය කෙරිණි. ගුවන් බලය අත්පත් කර ගැනීම යුධ ජයග්ර හණයෙහි ප්රයබල කඩඉමක් ලෙස දැක්විය හැකි ය.

දෙවැනි ලෝක සංග්‍රාමය
පළමු ලෝක සංග්රාරමය අවසන් වීමත් සමගම දෙවන ලෝක යුධ සමයේදී වඩාත් දියුණු අවි ආයුධ කරලියට අවතීර්ණ වූයේ නිරායාසයෙනි. ඉන් සමහරෙක් විශේෂ වන්නේ වර්තමානයේද ඒවායෙහි විකාශනයන් පවතින බැවිනි. එකල පැවැති විද්යානවේ හා තාක්ෂණයේ ආනුභාවය උපරිමයෙන් ලබාගත් අවි ආයුධ කීපයක් පහත දැක්වේ.

බිම් බෝම්බ (Land mines – Schumine 42)

Schu mine 42වර්ගයේ බිම් බෝම්බ පළමුවෙන්ම භාවිතයට පැමිණියේ ෆින්ලන්තයේදීය.දෙවන ලෝක යුධ සමයේ වැඩි වශයෙන් භාවිත වූ බිම් බෝම්බ වර්ගය වේ. කුඩා ලී පෙට්ටියක බහා තිබූ අතර, සරල භෞතික විද්යාඩ මූලධර්මයක් මගින් ක්රි යාත්මක විය.

සබ්මැරීන් (Submarines) හා U බෝට්ටු (U-boats)
පළමු සබ්මැරීන් නිෂ්පාදනය 16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා දිව යයි.
U බෝට්ටු නිෂ්පාදනයේ හා භාවිතයේ පුරෝගාමීන් වනුයේ ජර්මානු හමුදාය.
සතුරු හමුදා සතු ගුවන් යානා වාහක හා අමුද්රගව්යේ නැව් විනාශ කිරීමට බෙහෙවින් උපකාරී විය. උඩුකුරු තෙරපුම හා ප්රොුපෙලරයන්යොදාගෙන රේඩාර් හා සෝනාර් තාක්ෂණය භාවිතයෙන් සාගර පතුලෙහි ගමන් කිරීමට මෙමඟින් හැකි විය.
Uබෝට්ටුදසබ්මැරීන් කාණ්ඩයට අයත් වන්නකි. මෙය වඩා ප්රාචලිත වූයේ එහිපැවති කාර්යක්ෂමතාව හා ප්රීධානම අවිය වූ ටෝර්පිඩෝ විදිනය නිසාය. දෙවන ලෝක යුධ සමය තුල ඹ බෝට්ටු මඟින් සතුරු නැව් 3000ක් පමණ මුහුදුබත් කර ඇත.
රසායනික අවි- (Sarin gas/ un 731)
සාරීන් වායුව, ජර්මන් ජාතික Gerhard Schraderවිසින් 1939 දී නිපදවන ලදි.Unit 731: 1937 – 1945 කාල වකවානුව තුල ජපන් ජාතිකයින් විසින් නිපදවන ලද ජීව අවි ව්යාවපෘතියකි.මස්ට්ර ඩ් හා ෆොස්ජීන්වායුන් වලට අමතරව සාරීන් වායුව නිපදවන ලද්දේ එමඟින් ජීවීන් කෙරෙහි ඇති කරන බලපෑම ඉතා විශාල බැවිනි. නමුත් ඇඩොල්ෆ් හිට්ලර් විසින්ම මෙම වායුව යුධ බිමේදි භාවිතය තහනම් කලේය.
Unit731 ජීව අවි ව්යාවපෘතිය ජපන් අධිරාජ්යය හමුදාව විසින් 1942 චීනයේ බඕෂාන්ප්රාටන්තයේදී අත්හදා බලන ලදි. ආසන්න වශයෙන් 200,000ක් පමණ මෙමඟින් මරණයට පත් විය.

න්‍යෂ්ටික බෝම්බ
1942 දී ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන ලදි.Weapons of Mass Destruction (WMD) කාණ්ඩයට අයත් පළමු න්ය ෂ්ඨික බෝම්බ 1945 ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමාවට හා නාගසාකි නගරවලට එල්ල කරන ලදි. එම පිපිරීමෙන් හා විකිරණශීලිතත්ත්වයන් නිසා 129,000- 226,000 පමණ ජීවිත අහිමි විය. ලෝක ඉතිහාසය තුල න්යඨෂ්ඨික අවි යොදාගත් ප්රතථම හා එකමඅවස්ථාවද මෙය වේ.

තුන් වැනි ලෝක යුද්ධය

පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී යුධ වැදි හා නොවැදිසියලුමජාතීන් වෙත අති මහත් භයානක ප්රාථිඵල අත් කර දෙන්නට අනර්ථකාරි තාක්ෂණ භාවිතය හේතු විය. මෙවැනි පසුබිමක තුන්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත්අත්විය හැකි විනාශකාරී ප්රයතිඵල අති මහත් වනු ඇත. කෙසේ වෙතත්, තුන්වන ලෝක යුද්ධයකදී භාවිතා විය හැකි යුධ අවි හා උපක්‍රම මගින් තාක්ෂණයේ නව දොරක් නොඅනුමානවම විවර කෙරෙනු ඇත.

න්යිෂ්ටික ප්‍රභවයන් බලශක්තීන් ලෙස යොදා ගැනීම

කුමන වර්ගයේ උපකරණයක්, යාන්ත්‍රණයක් හෝ අවියක් වුවද එය ක්‍රියා කිරීමට යම්කිසි බල ශක්ති ප්ර භවයක් අවශ්‍ය වේ. න්‍යෂ්ටික බලශක්තිය කල එළි බසින්නේ මෙවන් ගැටලුවලට සාර්ථක හා ස්ථාවර විසඳුමක් ලෙසය. සූර්ය බලශක්තිය පුනර්ජනනීයවුවද එය යුධ බිමකදී සාර්ථක විසඳුමක් නොවනු ඇත. විශේෂයෙන්ම සබ්මැරීන් වැනි හිරු එළියට නිරාවරණය නොවන සාගර පතුලෙහි වැඩි කලක් ගතකරන යන්ත්රුයකට සාර්ථකම බල ශක්ති ප්රනභවය වන්නේ න්යාෂ්ඨික ප්රපභවයකි. ෆොසිල ඉන්ධන යනු මේ වන විටද ශීඝ්රබ ලෙස ක්ෂය වෙමින් පවතින ශක්ති ප්රවභවයක් වීමත්, නිතර නිතරපොම්ප කල යුතු නිසා යුද්ධ නැව් වැනි විශාල යන්ත්රර හා රථ වාහන සඳහා න්ය්ෂ්ඨික බලශක්තිය යනු සාර්ථක විසඳුමකි. න්යුෂ්ටික සබ්මැරීන සහ ගුවන් යානා වාහක බලගන්වන්නේ න්යරෂ්ටික ප්රයතික්රිවයාකාරක මගිනි. න්යටෂ්ටික ප්රනතික්රිබයාකාරකයේ ඇති පරමාණු ඛණ්ඩනය වන අතර එමඟින් ශක්තිය තාපය ලෙස මුදා හැරේ. මෙම තාපය අධි පීඩන වාෂ්ප නිර්මාණය කිරීමට භාවිතා කරයි. වාෂ්ප මගින් ප්රිචාලක (propeller) ටර්බයින ක්රි‍යාත්මක වන අතර එමඟින්ප්රතචාලකය හැරවීමට බලය සපයයි.

සොල්දාදුවන් වෙනුවට රොබෝවරු ආදේශනය
පෙර පැවති සංග්රාවම වලට සොල්දාදුවන් ලෙස මිනිස් ශ්රධමය යොදා ගැනුනද නුදුරු අනාගතයේදීරොබෝවරුන් මේ සඳහා ආදේශ වනු ඇත. වඩා නිවැරදි ඉලක්ක ලබා ගත හැකි වීමත්, හැඟීම් දැනීම් වලින් තොර වීමත් ආහාර හා ජලය වැනි මූලික අවශ්යවතා වලින් තොර වීමත්, යුධ බිමේදි ජීවිත හානියෙන් තොර වීමත් සොල්දාදුවෙකු ලෙස රොබෝවරු ආදේශ කිරීමේ වාසිදායක තත්වයන් වේ.

නැනෝ තාක්ෂණයේ දායකත්වය
භෞතික විද්යා වට අනුව නැනෝ යනු 10-9 හෙවත් බිලියනයෙන් එකකි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා වුවදනැනෝ තාක්ෂණයේ යෙදීම් වර්තමානයෙහ් බහුල ලෙස යොදා ගැනේ. යුධමය කටයුතු හා අවි නිෂ්පාදනයද (Nano technology warfare) මෙම නැනෝ තාක්ෂණයේ එක් ශාඛාවක් පමණි.

හමුදා ඇඳුම්, සටන් ඇඳුම් සහ ශරීර සන්නාහවල නැනෝ තාක්ෂණය (Nanotechnology in military uniforms, battle suits, and body armour)
හමුදා ඇඳුම් නිෂ්පාදනයේදීනැනෝ

තාක්ෂණය යොදා ගැනීම මේ වන විටත් පර්යේෂණ මට්ටමේ පවතී. මෙහි ප්රදධාන අරමුණු වන්නේ, පිපිරුම් හා පතරොම් වලින් සිදුවන කම්පන අවශෝෂණය මඟින් සොල්දාදුවන්ට සිදුවන හානිය අවම කිර්රි මත්, විශේෂිත සංවේදක මඟින් සෞඛ්යද තත්ත්වය මැන ගැනීම හා රසායනික හා විෂ ද්රුව්ය යන් හඳුනා ගැනීමත්ය. කාබන් නැනෝටියුබ් භාවිතයෙන් මෙහි නම්යනශීලීතාවයත් ශක්තිමත් භාවයත් වැඩි කිරීමට අපේක්ෂිතය.

සන්නිවේදන උපාංග සඳහා නැනෝ තාක්ෂණය

මයික්රෝඅප්රොංසෙසර් වලින් සමන්විත නැනෝචිප් භාවිතයෙන් නිෂ්පාදනය කල සන්නිවේදන උපකරණදයුධමය කටයුතු වලදී අත්යාොවශ්ය් සාධකයකි. රැගෙනයාමේ පහසුවත්, නිරවද්යරභාවයත්, බැටරි ආරෝපණය කල පසු අඩු බලශක්ති පරිභෝජනයකින් දිගු කාලයක් භාවිතා කිරීමේ හැකියාවත් මෙහිලා සැලකිය යුතු ගුණාංගය.

නැනෝඩ්රෝපන්ස්/ නැනෝබොට්ස්

වර්තමානය වන විට හමුදා හා ත්ර/ස්තවාදී සංවිධාන එකසේ ඔත්තු බැලීමට හා විවිධ වර්ගයේ මිසයිල ප්රමහාර එල්ල කිරීමට ඩ්රෝහන භාවිතා කරයි. නැනෝ තාක්ෂණය මගින් මේ වනවිටපියවි ඇසට පවා හඳුනා ගැනීමට අසීරු ප්රමමාණයේ රොබෝවරුන් බිහි වෙමින් පවතී. අනාගත නැනෝඩ්රෝවන යානා සහ කුඩා GPSඇන්ටනා, පියාසැරි පාලන පද්ධති සහ චන්ද්රි්කා සන්නිවේදන පද්ධති ඉන්ටනෙට්ඔෆ්තින්ග්ස් (IoT) තාක්ෂණය හරහා ඒකාබද්ධ කිරීමෙන් නිරීක්ෂණ මෙහෙයුම් සඳහා ඉතා කාර්යක්ෂම නැනෝරොබෝවන්කරලියට පිවිසෙනු ඇත. රහසිගත මෙහෙයුම් වලදී සතුරන් විනාශ කිරීමට හා අඩපණ කිරීමට විෂ එන්නත් කල හැකි රොබෝවන්බිහිවනු ඇත. අදාලඉලක්කයන් කරා ස්වයංක්රීායව ගමන් කර විෂ එන්නත් කිරීමෙන් පසු කිසිදු වර්ගයේ ආරක්ෂිත පද්ධතියකට හසු නොවී ඉලක්කයෙන් ඉවතට පියසර කිරීම වැනි සූක්ෂම මෙහෙයුම් සඳහා මෙම නැනෝඩ්රෝදන සහභාගි වනු ඇත.

පාරදෘශ්‍ය ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද හමුදා වාහන

නැනෝ තාක්ෂණයේ තවත් අද්විතීය නිපැයුමක් ලෙස විනිවිද පෙනෙන නැනෝ සන්නාහය හැඳින්විය හැකිය. මෙය හමුදාමය වාහන සඳහා සැහැල්ලු, විනිවිද පෙනෙන සහ ඉතා කල් පවතින ආරක්ෂිත තට්ටුවක් නිර්මාණය කිරීම සඳහා නැනෝ තාක්ෂණය භාවිතා කෙරෙන උසස් සන්නාහ තාක්ෂණයකි. වාහනයේ ගමන් කරන්නන්ට දෘශ්ය තාව ලබා දීම සඳහා විනිවිද පෙනෙන අතරම, උණ්ඩ සහ පිපිරීමකදීවිසිවන කැබලි වැනි අධි ප්රමවේග ප්ර්ක්ෂේපනවල බලපෑමට ඔරොත්තු දිය හැකි තුනී ලේයරයක් නිර්මාණය කිරීම මෙහි අදහසයි. මෙම තාක්ෂණයේ භාවිතා වන මූලික ද්ර ව්ය ය වන්නේ ග්රැ්ෆීන් වන අතර එය අතිශයින් ප්රධබල සහ නම්යගශීලීය. තනි කාබන් පරමාණුවක ඝනකම ඇති ස්ථරයකි. ග්රැයෆීන් පාරදෘශ්යී බහුඅවයවයකට ඇතුළත් කිරීමෙන්, පාරදෘශ්යී හා අධි ප්රරවේග බලපෑම්වලට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ද්රාව්ය‍යක් නිර්මාණය කළ හැකිය.

කෘතිම බුද්ධි භාවිතය
වර්තමානයෙහි කෘත්රියම බුද්ධිය, (AI) ස්වයංක්රීවය ආයුධ පද්ධතිවල සිට හමුදා ප්රනධානීන් සඳහා තීරණ ගැනීමේ ආධාරක මෙවලම් දක්වා විවිධ ආකාරයෙන් භාවිතා වේ. යුධමය කටයුතු වලදීකෘතීම බුද්ධිය භාවිතයෙහි ප්රරතිලාභ සහ අභියෝග යන දෙකම පවතින අතර එය තවමත් අඛණ්ඩව සාකච්ඡා වන මාතෘකාවකි.
මෙහි ඇති ප්රරධාන ප්ර තිලාභයක් වන්නේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ මිනිස් ජීවිත හානි අවම කිරීමට ඇති හැකියාවයි. නිදසුනක් වශයෙන්, ස්වයංක්රීතය ආයුධ පද්ධති, මිනිස් මැදිහත්වීමකින්තොරව තීරණ ගැනීමට සහ ඉක්මනින් ක්රි.යා කිරීමට වැඩ සටහන්ගත කළ හැකි අතර, හමුදා මෙහෙයුම් සඳහා අවශ්යි කාලය සහ සම්පත් අඩු කළ හැකිය. මීට අමතරව, කෘතිම බුද්ධි බලයෙන් ක්රිායාත්මක වන තීරණ ගැනීමේ ආධාරක මෙවලම් හමුදා නායකයින්ට විශාල දත්ත ප්රමමාණයක් විශ්ලේෂණය කිරීමට සහ වඩාත් දැනුවත් සහ ඵලදායී තීරණ ගැනීමට උපකාර වෙයි.

ස්වයං-මාර්ගෝපදේශ මිසයිල

ස්වයං-මාර්ගෝපදේශ මිසයිල යනු ස්වයංක්රීනයව ඉලක්ක නිරීක්ෂණය කිරීමට සහ ඒවාට සම්බන්ධ වීමට ඉඩ සලසන අභ්යමන්තර මාර්ගෝපදේශ පද්ධති වලින් සමන්විත මිසයිල වේ. කෘත්රිටම බුද්ධීන් සම්බන්ධ කිරීමෙන් මෙම මාර්ගෝපදේශ පද්ධති ඉලක්ක ස්ථානගත කිරීමට සහ ලුහුබැඳීමට රේඩාර්, GPS, සහ අධෝරක්ත සංවේදක ඇතුළු විවිධ තාක්ෂණයන් සමෝධානය කර භාවිතා කළ හැකිය. (10 රූපය)

විශේෂයෙන්ම ඩ්රෝවන මඟින් අදාලඉලක්කයන්ට ඉතා ආසන්න ස්ථාන වලදී මෙම ස්වයං-මාර්ගෝපදේශ මිසයිල මුදා හරියි. එම ඩ්රෝලන නිශ්චිත ඉලක්ක කරා ගමන් කිරීමටත්, ගමන් මගෙහි පවතින විවිධ බාධක මඟහැරීමටත් කෘත්රිධම බුද්ධිය යොදා ගනී.

අධි තාක්ෂණික අවි හා ආයුධ

අධි තාක්ෂණික අවි ලෙස වැඩි දියුණු කල Weapons of Mass destructionකාණ්ඩයට අයත් අවි හා ආයුධ කිහිපයක් පහත සඳහන් කරනුයේ ඒවායෙහි ඇති විශේෂත්වය නිසාය.

ජීව විද්යාහත්මක හා රසායනික අවි (Biological) Chemical weapons)

දෙවන ලෝක සංග්රාහමයේදී රටවල් කිහිපයක් ජීව විද්යාgත්මක අවි පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නිරත විය. මෙහිදී ජපානය ජීව විද්යායත්මක ආයුධ අත් හදා බැලීමේ ප්රයධාන සාමාජිකයා විය. ජපන් හමුදාව චීනයේ මැන්චූරියාවේUnit731 ලෙස හැඳින්වෙන රහස් ජීව විද්යාැත්මක යුධ පර්යේෂණ ඒකකයක් පිහිටුවන ලද අතර එහිදී ඔවුන් මිනිසුන් යොදා ගෙන අත්හදා බැලීම් සිදු කළ අතර ඇන්ත්රැයක්ස්, වසංගතය සහ බොටියුලිනම් (botulinum toxin) ධූලක වැනි ජීව විද්යාඅත්මක ආයුධ නිපදවන ලදී. 731 ඒකකය විසින් චීන සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට එරෙහිව මහා පරිමාණ ජීව විද්යාවත්මක ප්රතහාර කිහිපයක් ද සිදු කළ අතර, එහි ප්රසතිඵලයක් ලෙස දහස් ගණනක් මිය ගියහ. දෙවන ලෝක සංග්රාාමයෙන් පසුව, මිත්රි පාක්ෂිකයින් 731 ඒකකයට සම්බන්ධ ජපන් නිලධාරීන්ගේ නඩු විභාග පැවැත්වූ අතර, කිහිප දෙනෙකු යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් විය. කෙසේ වෙතත්, එක්සත් ජනපද රජය 731 ඒකකයේ පර්යේෂණ දත්තවල හිලව්වට සමහර ජපන් විද්යා්ඥයින්ට අභයදානය ලබා දුන්නේය.
ජර්මනියද ජීව විද්යාුත්මක ආයුධ පිළිබඳ පර්යේෂණ සිදු කළ නමුත් ඔවුන්ගේ උත්සාහය ජපානය තරම් පුළුල් නොවීය. නාසීන්ඇන්ත්රැ ක්ස් සහ ටයිෆස් ඇතුළු ජීව විද්යාඋත්මක රෝගකාරක ගණනාවක් නිපදවූ නමුත් ඒවා සටන් සඳහා භාවිතා කළේ නැත. කෙසේ වෙතත් ජර්මන් හමුදා විසින් සිර කඳවුරු වලදී විශාල ලෙස මනුෂ්යව ඝාතනයන් සඳහා විෂ වායූන් භාවිත කරන ලදි. දෙවන ලෝක සංග්රාිමයෙන් පසු ජීව විද්යාෙත්මක අවි භාවිතය 1952ජිනීවාප්රොාටෝකෝලය මගින් තහනම් කරන ලද අතර එමඟින්යුද්ධයේදී රසායනික හා ජීව විද්යාමත්මක ආයුධ භාවිතා කිරීම තහනම් විය. කෙසේ වෙතත්, විවිධ රටවල් තවමත් මෙම ආයුධ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කටයුතු කරමින් පවතී.
තෙවන ලෝක යුද්ධයකදී ජීව හා රසායනික අවි භාවිතයට සැලකිය යුතු මට්ටමේ අවධානයක් හිමිවනු ඇත. මෙම ජීව හා රසායනික අවි ක්රරම කිහිපයකින් සාර්ථක ලෙස පැතිරවියහැකිය. එනම්, ඉසිනයන් හරහා, පුපුරණ ද්ර ව්යිවලට යෙදීමෙන්, ආහාර හෝ ජලය හරහා හෝ එන්නත්කරණය මඟිනි. මිසයිල හෝ වෙනත් අධි තාක්ෂණික උපකරණ සමඟ සසඳන විට ජීව විද්යාිත්මක අවි නිෂ්පාදනය කිරීම තරමක් ලාභදායී විකල්පයක්ද වේ. දෙපාර්ශ්වයේම භට පිරිස්වලට බලපෑම් එල්ල වීමේ සැලකිය යුතු අවදානමක් පවතින බැවින්, ජීව විද්යාිත්මක අවි සටන් බිමක භාවිතය පිළිබඳ අනාවැකි කීම දුෂ්කර විය හැකිය. යම් හෙයකින් අනාගත ලෝක සංග්රාිමයකදී භාවිත කල හැකි ජීව විද්යානත්මක අවි කිහිපයක් පහත දැක්වේ.

ඇන්ත්රැකක්ස් (Anthrax): විශේෂඥයන් විශ්වාස කරන ආකාරයට අනාගතයේදී ජෛව ත්ර්ස්තවාදී ප්ර‍හාරයක් සඳහා යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති ජීවියා වන්නේ ඇන්ත්රැාක්ස් ඇති කරන බැක්ටීරියාව වන Bacillus anthracis යි. එය ස්වාභාවධර්මයේ බහුලව දක්නට ලැබෙන අතර, රසායනාගාරයේද පහසුවෙන් නිපදවිය හැකිය. පරිසරයේ දිගු කාලයක් නොනැසී පවතින අතර එය කුඩු, ඉසින, ජලය හෝ ආහාර වලින් මුදා හැරිය හැකිය.

වසූරිය (Smallpox): ජෛව ත්රනස්තවාදයේ තවත් විභව කාරකයක් ලෙස වසූරිය හැඳින්විය හැකිය. ඇන්ත්රැ ක්ස් මෙන් නොව, මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. වසූරිය සඳහා සාර්ථක එන්නත්කරණයන් පැවතුනත්, ඊට නිරාවරණය වුවහොත් එය මිනිසුන් අතර ඉක්මනින් හා පහසුවෙන් පැතිරෙන ජීව අවියක් වනු ඇත.

කොලරාව (Cholera): දරුණු හා විටෙක මාරාන්තික ආමාශ ආන්ත්රිපක රෝගයකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්රේාශණය නොවන නිසා පැතිරීමේ අවධානම අවමය. එබැවින් එය ඵලදායී වීමට නම්, ප්රසධාන ජල මූලාශ්රනයකට බහුල ලෙස එකතු කළ යුතුය.

ටුලරේමියාව (tularemia): Francisella tularensisබැක්ටීරියාව මගින් ඇති කරන ආසාදනයක් ලෙස සැලකෙන ටුලරේමියාව විභව ජෛව අවියක් ලෙස සලකයි. එය උණ, වණ, වසා ග්රසන්ථි ඉදිමීම සහ සමහර විට නියුමෝනියාවද ඇති කරයි. මෙහි බැක්ටීරියා සම මතුපිට තුවාල වලින් හෝ හුස්ම ගැනීමෙන් පෙණහලුවලට ආසාදනය විය හැකිය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවන අතර, රෝගය බරපතල කිරීම සඳහා ශරීරයට ඇතුළු වීමට අවශ්යජ වන්නේ ඉතා කුඩා බැක්ටීරියා සංඛ්යාලවක් (10ක්වැනි) පමණි.
මෑත කාලීනව අප අත්විඳිcovid-19වෛරසයද මෙවන් ආක්රාමණයක ආරම්භක පියවරක් විය හැකිය.

සයිබර් අවි (Cyber warfare):

තාක්ෂණය අඛණ්ඩව දියුණු වන යුගයක, නවීන සමාජයේ බොහෝ අංග ඩිජිටල්කරණ පහසුකම් මත රඳා පවතී. අනාගත යුද්ධවලදීසයිබර් යුද්ධ කෙරෙහි හමුදාවල ආකර්ෂණය හා ඒ සඳහා ඇති විභවය වැඩි වේ. සයිබර් යුද්ධය යනු විරුද්ධවාදියෙකුගේ පරිගණක පද්ධති සහ ජාල කඩාකප්පල් කිරීමට හෝ හානි කිරීමට තවත් පරිගණක ප්රොුටොකෝල තාක්ෂණයක් භාවිතා කිරීමයි. අනාගත යුද්ධවලදී, සතුරන්ගේ සන්නිවේදන ජාල කඩාකප්පල් කිරීමෙන්, ඔවුන්ගේ ආයුධ පද්ධති අක්රි ය කිරීමෙන් හෝ ඔවුන්ගේ තීරණාත්මක යටිතල පහසුකම් කඩාකප්පල් කිරීමෙන් සතුරාට වඩා වාසියක් ලබා ගැනීමට සයිබර් යුද්ධය භාවිතා කළ හැකිය. නිදසුනක් වශයෙන්, සයිබර් ප්රවහාරයක් මගින් සතුරාගේ විදුලිබල ජාලය අක්රි්ය කිරීමට, ඔවුන්ගේ මූල්ය2 පද්ධති කඩාකප්පල් කිරීමට හෝ ඔවුන්ගේ හමුදා ඩ්රෝවන යානා පාලනය කිරීමට පුලුවන.
සයිබර් යුද්ධයේ එක් ප්රුධාන වාසියක් නම්, එය දුරස්ථව සහ නිර්නාමිකව සිදු කළ හැකි අතර, භෞතික ගැටුම්වල නියැලීමෙන් තොරව බල හුවමාරුවකට ඉඩ සලසයි. පුළුල් මිලිටරි ගැටුමක අවදානමකින් තොරව තම බලපෑම තහවුරු කිරීමට හෝ ඔවුන්ගේ අවශ්යඉතා ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන රටවලට සයිබර් යුද්ධය ආකර්ශනීය විකල්පයක් වනු නොඅනුමානය. සමස්තයක් වශයෙන් ගත් කල, අනාගත යුධ ගැටුම්වලදීසයිබර් යුද්ධය වඩ වඩාත් වැදගත් හා තීව්රන කාර්යභාරයක් ඉටු කරනු ඇත. එහි ප්රුතිඵලයක් වශයෙන්, සයිබර් ප්රේහාරවලින් ආරක්ෂා වීමට සහ එවැනි ප්රීහාරවල විභව බලපෑම අවම කිරීමට ශක්තිමත් සයිබර් ආරක්ෂණ හැකියාවන් සහ උපාය මාර්ග සංවර්ධනය කිරීමට රටවල් වලට සිදු වනු ඇත.
සයිබර්ප්රරහාරයන් සඳහා සරලමඋදාහරණයන් සඳහා මෑත කාලීනව රුසියාව විසින් යුක්රේ්නයට සිදු කල ප්රබහාරයන් දැක්විය හැක. ජනවාරි 14 වන දින දැවැන්ත වෙබ් අඩවි ප්රටහාරයක් යුක්රේන රජයේ වෙබ් අඩවි වලට එල්ල වූයේ “ be afraid and expect the worst’”යන අනතුරු ඇඟවීමක්දසහිතවය. රුසියාව මීට පෙරදයුක්රේනයට එවැනි ප්රrහාර සිදු කර ඇත. 2016 දී රුසියාව කීව් නගරයේ බල සැපයුම විසන්ධි කළේදසයිබර් ප්රඑහාරයක් මඟිනි.

EMP/ NEMP -fndaïn(Electromagnetic Pulse/Nuclear electromagnetic Pulse bombs)
EMP බෝම්බයක් යනු එහි පිපිරුම් අරය තුළ ඉලෙක්ට්රොrනික උපාංග අක්රිeය කිරීමට හෝ විනාශ කිරීමට හැකි විද්යුEත් චුම්භක විකිරණ පිපිරීමක් ජනනය කරන ආයුධයකි. අනාගත යුද්ධයේදී,EMP බෝම්බ සතුරාගේ ඉලෙක්ට්රො නික යටිතල පහසුකම් සහ සන්නිවේදන ජාල අක්රිුය කිරීමට භාවිතා කළ හැකි අතර, සතුරාට හමුදා මෙහෙයුම් සිදු කිරීම හෝ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපහසු වේ. කෙසේ වෙතත්,EMP බෝම්බ සම්බන්ධ සැලකිය යුතු අභියෝග සහ අවදානම් ද ඇත. එක් ප්රිධාන අභියෝගයක් වන්නේ නිශ්චිත පිපිරුම් අරයක් සහිතEMPබෝම්බයක් නිෂ්පාදනය කිරීමේ දුෂ්කරතාවය හා විශේෂිත ඉලෙක්ට්රොෝනික උපාංග ඉලක්ක කර ගැනීමයි. මීට අමතරව,EMP බෝම්බයක බලපෑම් අනුමාන කීරීම දුෂ්කර විය හැකි අතර, අනපේක්ෂිත ඉලක්කවලට වලටදමෙමඟින් බලපෑම් ඇති විය හැකිය.මෙම EMPබෝම්බයෙහි දියුණු කල විකාශනයක් ලෙස NEMP (nuclear electromagnetic pulse) බෝම්බ හැදින්විය හැකිය. EMPබෝම්බයකින් සිදු කල හැකි විනාශය සඳහා ප්රයධාන වශයෙන් එය පුපුරණ විට බෝම්බය පවතින උන්නතාංශය බලපායි. EMP බෝම්බයක E1, E2 හා E3 ලෙස ප්රරධාන සංරචක තුනක් පවතියි.
E1 ස්පන්දනය ඉතා වේගවත් සංරචකයකි. මෙය විද්යු,ත් සන්නායකවල අධි වෝල්ටීයතා ප්රේ්රණය කරන කෙටි නමුත් තීව්රා විද්යුවත් චුම්භක ක්ෂේත්ර යකි. මෙමඟින් විදුලි බිඳවැටීමේ වෝල්ටීයතාවන් ඉක්මවා යා හැකි අතර ඒ හේතුවෙන් බොහෝ හානිද සිදු කරයි. E1 ස්පන්දනය මඟින් පරිගණක සහ සන්නිවේදන උපකරණ විනාශ කළ හැකි අතර නැනෝ තත්පර වේගයෙන් ක්රි.යා කරන අකුණු සන්නායක (surge protectors) මඟින් E1 ස්පන්දනයන්ට එරෙහිව ඵලදායි ආරක්ෂාවක් සැපයිය හැකිය.
E2 සංරචකය ජනනය කරනු ලබන්නේ නියුට්රෝැන මගින් නිපදවා විසිරුවන ගැමා කිරණ සහ අනම්යි ගැමා කිරණ මගිනි. මෙම සංරචකය පිපිරීමෙන් පසු මයික්රෝව තත්පරයක සිට තත්පරයක් දක්වා පවතී. අකුණු වලට බොහෝ සමානකම් ඇති නමුත්, අකුණු මඟින් ඇතිවනE2 සංරචකය NEMPහිE2 ට වඩා සැලකිය යුතු තරම් විශාල විය හැකිය. අකුණු ආරක්ෂණ තාක්ෂණයේ පුලුල් භාවිතය නිසා,E2 සාමාන්යවයෙන් ආරක්ෂා වීමට පහසුම සංරචකය ලෙස සැලකේ.
E3 සංරචකය E1 සහ E2 සාපේක්ෂව සැලකිය යුතු වෙනස්කම් දක්වයි. මෙය ඉතා මන්දගාමී ස්පන්දනයක් වන අතර, තත්පර දහයේ සිට සිය ගණනක් දක්වා කාලයක් තුල සක්රීවයව පවතී. එය සිදුවන්නේ න්යමෂ්ටික පිපිරවීම නිසා පෘථිවි චුම්බක ක්ෂේත්රටය තාවකාලිකව විකෘති වීම හේතුවෙනි. E3 සංරචකය භූචුම්භක කුණාටුවකට (geomagnetic storm) සමානකම් දක්වන අතර දිගු විද්යුේත් සන්නායකවල (විදුලි රැහැන් වල) භූචුම්භක ප්රේනරිත ධාරා නිපදවයි. එමඟින් විදුලි රැහැන් හා ට්රාගන්ස්ෆෝමර් වැනි සංරචක වලට හානි පමුණුවයි.

ඉන්ෆ්රාපරෙඩ්/ ලේසර්කදම්බයන් (infrared/ laser beams)

වර්තමානයේ පවතින නවීන ආයුධ සඳහා දැනටමත් අධෝරක්ත කිරණ සහ ලේසර් භාවිතා වන අතර අනාගතයේදී ඒවායේ භාවිතය වැඩි වීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. අධෝරක්ත කිරණ තාක්ෂණය අඩු ආලෝක තත්ත්වයකදී හෝ අපැහැදිලි දෘශ්යහ තත්ත්වයකදී පවා ඉලක්ක හඳුනා ගැනීමට සහ ලුහුබැඳීමට සාර්ථක විසඳුමක් වනු ඇත. මෙය මිසයිල සහ ඩ්රෝවන යානා ඇතුළු අවි පද්ධතිවල නිරවද්යට ලෙස ඉලක්ක හඳුනා ගැනීමටත් මග පෙන්වීමටත් වඩාත් උපකාරී වේ. ඒ හා සමානව, සතුරු ඉලක්ක නිවැරදිව සළකුණු කිරීම සඳහා ලේසර් කිරණ භාවිතා කළ හැකිය. අධෝරක්ත කිරණ සහිත සංවේදක මගින්, පැමිණෙන මිසයිල හඳුනා ගැනීමටත්, ඉන් පසු ලේසර් වැනි ප්රවතිවිරෝධතා භාවිතයෙන් එම මිසයිල විනාශ කිරීමද කළ හැක.

න්‍යෂ්ටික අවි

දෙවන ලෝක යුද්ධයෙන් පසු න්යුෂ්ඨික අවි භාවිතය පිළිබඳ සාකච්ඡා වනුයේ නැවත වරක් එවන් ප්රමහාරයක් සිදුවුවහොත් ජයග්රාුහී පාර්ශවයට වුවද පරිහරණය කිරීමට වැදගත් යමක් ඉතිරි නොවන නිසාය. කෙසේ වෙතත්, යුධමයතත්වයකදී නගර හෝ හමුදා කඳවුරු වැනි විශාල ඉලක්ක විනාශ කිරීමට න්ය්ෂ්ටික අවි උපක්ර‍මශීලීව භාවිතා කළ හැකිය. නමුත්, මේ ආකාරයෙන් න්යරෂ්ටික අවි භාවිතා කිරීමෙන් මානුෂීය හා පාරිසරික ලෙස මහත් විනාශකාරී ප්රිතිවිපාක ඇති කරයි. බලශක්තීන් උත්පාදනය සඳහා භාවිතා කරන න්යකෂ්ඨිකප්රයභවයන්ගේ අපද්රෙව්යන බැහැර කිරීමද ක්ර‍මවත් පිලිවෙතක් අනුගමනයෙන් සිදු කිරීම මෙහිලා සැලකිය යුතු කරුණකි. ඒ බැහැර කරන ලද අපද්රරව්ය‍ ත්රිස්තවාදී සංවිධාන මඟින් නීති විරෝධි ලෙස භාවිත කිරීමේ ප්රහවණතාවයන්ද පවතින බැවිනි. (15 රූපය)
දෙවන ලෝක සංග්රාරමයෙන් පසුව තාක්ෂණික වශයෙන් ලෝකය විශාල දියුණුවකට ලක් විය. පසුගිය අර්ධ ශතකය තුළ විද්යාරඥයින් ක්රවමක්රෙමයෙන් නව නිපැයුම් හා නවෝත්පාදනනැනෝ හා පිකෝතත්ත්වයන් දක්වා විකාශනය කලේ මිනිසාගේ පැවැත්ම තවත් ඉහළ තලයකට රැගෙන යමිනි. කෙසේ වෙතත් එහි විකාශනයම මිනිසාගේ විනාශයද යම් දිනෙක රැගෙන එන්නට ඉඩ තිබේ.

උපුටගැනීම Vidusara.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *