‘කොල්ලකෑම සඳහා ඩෝසර් කෙරුණු’ ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික ස්ථාන

චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විශාල ගණනක් ක්‍රමානුකූලව කොල්ලකෑමට ඉඩ සැලසීම සඳහා පොළොවට සමතලා කර තිබේ.

ඔවුන් පවසන්නේ, පසුගිය රජය යටතේ ආරම්භ වූ කොල්ලකෑම් 2021 වසරේදී තාලිබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසුව ද අඛණ්ඩව සිදු වන බවට ඔවුන්ගේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය, මූලික පැහැදිලි ඡායාරූප සාක්ෂි සපයන බව ය.

ලෝකඩ යුගය අවසාන භාගය සහ යකඩ යුගය දක්වා ඉතිහාසයකට දිවෙන පුරාණ ජනාවාස ද (ඇතැම් ඒවා ක්‍රි.පූ. 1000 වඩා පැරණිය ය) හානියට ලක් වූ බවට ඔවුන් පවසන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන අතර වේ.

ඔවුන් හඳුනාගෙන ඇති ස්ථාන අතරින් වැඩි ගණනක් පිහිටා ඇත්තේ, උතුරු ඇෆ්ගනිස්ථානයේ බල්ඛ් කලාපයේ වන අතර එය වසර සහස්‍ර දෙකකට පමණ පෙර බැක්ට්‍රියාහි හදවත විය.

එය ක්‍රි.පූ. 6 වන සියවසේ ආකිමෙනිඩ් අධිරාජ්‍යය යටතේ පැවති පුරාණ ඇෆ්ගනිස්ථානයේ ධනවත් ම සහ ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් විය.

ක්‍රි.පූ. 327 වන විට, මහා ඇලෙක්සැන්ඩර් එම ප්‍රදේශය යටත් කර ගෙන, ආකිමෙනිඩ් පාලකයා පරාජය කිරීමෙන් පසු රොක්සානා නම් බැක්ට්‍රියානු කාන්තාවක් සමග විවාහ විය.distroy

එය ක්‍රි.පූ. 6 වන සියවසේ ආකිමෙනිඩ් අධිරාජ්‍යය යටතේ පැවති පුරාණ ඇෆ්ගනිස්ථානයේ ධනවත් ම සහ ජනාකීර්ණ ප්‍රදේශවලින් එකක් විය.

ක්‍රි.පූ. 327 වන විට, මහා ඇලෙක්සැන්ඩර් එම ප්‍රදේශය යටත් කර ගෙන, ආකිමෙනිඩ් පාලකයා පරාජය කිරීමෙන් පසු රොක්සානා නම් බැක්ට්‍රියානු කාන්තාවක් සමග විවාහ විය.

ඔහුගේ කණ්ඩායම පවසන්නේ, 2018 සහ 2021 අතර පුරාණ ජනාවාස 162ක් “සතියකට එකක් වැනි විශ්මයජනක වේගයකින් විනාශ වී ඇති” බව ත්, ඉන් පසුව තාලිබාන් පාලනය යටතේ ප්‍රදේශ 37ක මෙම ක්‍රියා නොනවත්වා ක්‍රියාත්මක වී ඇති බව ත් ය.

කොල්ලකරුවන්ට තොරතුරු ලැබීම වැළැක්වීම සඳහා පර්යේෂකයෝ එම ස්ථාන නිශ්චිතව ම මොනවා ද යන්න ප්‍රකාශයට පත් නොකරති.

එම ප්‍රදේශ පිළිබඳ තොරතුරු සටහන් කිරීමේ කටයුතු පවතින්නේ මුල් අදියරේ ය.

මෙයින් අදහස් කරන්නේ, පර්යේෂකයන් ප්‍රධාන වශයෙන් පස් කඳු, බලකොටු, කැරවන්සෙරයිස් ලෙස හඳුන්වන මාර්ග අයින්වල සහ ඇළ මාර්ගය අයින්වල තිබුණු විශාල තානායම් වැනි මෙම ප්‍රදේශවල වැළලී ගිය දෑ පිළිබඳව නොදන්නා බව ය.

නමුත් 1978දී වසර 2,000ක් පැරණි බැක්ට්‍රියානු රත්‍රන් තොගයක් සොයා ගන්නා ලද ටිලියා ටෙපේ පිහිටා ඇත්තේ කිලෝමීටර් 97ක් (සැතපුම් 60) දුරින් පමණි.

“Hill of Gold” නමැති එහි රන් ආභරණ, ඉතා සියුම් ලෙස නිර්මාණය කරන ලද ඔටුන්නක් සහ කාසි ඇතුළු දුර්ලභ භාණ්ඩ 20,000ක් අඩංගු වූ අතර එය දැන් ‘Lost Treasures of Afghanistan’ ලෙස හඳුන්වයි.

“හැම පස් කන්දක් තුළ ම ඔබට ශිෂ්ටාචාරයක ස්ථර හොයා ගන්න පුළුවන්,” කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන රේසා හුසෙයිනි පවසයි.

බල්ඛ්හි උපත ලද ඔහු, පර්යේෂකයන් පවසන පරිදි ඩෝසර් කර ඇතැයි කියන ඇතැම් ප්‍රදේශ ඇතුළුව උතුරු ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනීමේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස සිය ජීවිතයේ විසි ගණන් ගත කළේ ය.

“ඒ ගැන ඇහෙද්දී මට දැනෙන්නේ මගේ ආත්මය මිය යනවා වගේ,” ඔහු පැවසීය.

පැහැදිලිව ම දැකගත හැකි මෙම විනාශය පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරු නොමැත.

මහාචාර්ය ස්ටයින් පවසන්නේ, මෙම විනාශය සිදුවීමේ රටාව හිටපු ජනාධිපති අෂ්රෆ් ගානිගේ නායකත්වයෙන් යුත් පසුගිය රජය යටතේ ආරම්භ වී තාලිබාන් පාලනය යටතේ ද පැවතීම වැදගත් කාරණයක් බව ය.

ගානිගේ රජය දුර්වල වූ අතර රටේ ඇතැම් ප්‍රදේශවල පූර්ණ පාලන බලයක් ඔවුන් සතුව නොතිබිණි.

උතුරු ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරය වන මසාර්-ඉ-ෂරීෆ් ඇතුළු බල්ඛ් යන නගර, 2021 අගෝස්තු මාසයේදී කාබුල් අගනුවර අල්ලා ගැනීමට පෙර තාලිබාන් ග්‍රහණයට නතු වුණු පළමු ප්‍රදේශ අතර විය.

මහාචාර්ය ස්ටයින් විශ්වාස කරන්නේ, පොළොව හැරීම ඇතුළු කටයුතු සිදු කරන යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාව ඇති ධනවත් සහ බලවත් පුද්ගලයින් විසින් මෙම ප්‍රදේශ කොල්ලකනු ලබන බව ත්, ඒවා “කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව” ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන යන බව ත් ය.

2009 වසරේදී තමන් රට හැර යාමට පෙර ප්‍රදේශයේ ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන කොල්ලකෑමට ලක් වෙමින් තිබුණු බව හුසෙයිනි පවසයි.

“ප්‍රදේශයේ ප්‍රබලයන්ගේ සහ සටන්කාමීන්ගේ අවසරයකින් තොරව කාටවත් කැණීම් කරන්නවත්, පොළොව හාරන්නවත් බැහැ,” ඔහු මා හා පැවසීය.

“එයාලට මේ දේවල්වල ඓතිහාසික වටිනාකම වැඩක් නැහැ. මොනවා හරි දෙයක් හොයා ගන්න එයාලා හාරලා විනාශ කරලා දානවා. මම ඒ දේවල් මගේ ඇස් දෙකෙන් ම දැකලා තියෙනවා. මොනවා හරි තියෙනවා ද බලන්න ඒ අය පස් පෙරනයක් පවා පාවිච්චි කළා.”

ඔහු පවසන්නේ, තමන් වරක් සටන්කාමීන්ගේ අණ දෙන නිලධාරියෙකු පොපි සිටුවමින් සිටි ඉපැරණි ස්ථානයක පුරාවිද්‍යාත්මක කටයුතු සිදු කිරීමට අවසර ලබා ගැනීම සඳහා කෙරුණු උත්සහයක කොටසක් වූ බව ය.

2001 වසරේදී,තාලිබාන් සංවිධානය පළමු වරට බලයේ සිටියදී, වරක් ලොව විශාලතම හිටි බුද්ධ ප්‍රතිමාව වූ වසර 1,500ක් පැරණි බාමියන් බුද්ධ ප්‍රතිමාව පුපුරුවා හැරීමෙන් ලොව ම කම්පනයට පත් කළේ ය.

නමුත් දශක දෙකකට පසු ආපසු බලයට පැමිණි ඔවුන් පැවසුවේ, රටේ පෞරාණික උරුමයන්ට ගරු කරන බව ය.

තාලිබාන් සංවිධානයේ වැඩබලන තොරතුරු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය, ආතීක්වල්ලා අසීසි, කොල්ලකෑම් සිදුවන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේ, ඓතිහාසික ස්ථානවල රැකවරණය සඳහා 800ක බලඇණි ඒකකයක් යොදවා ඇති බව පවසමිනි.

ඇතැම් සංවිධාන විසින් අමාත්‍යංශය වෙත “බුල්ඩෝසර් එහා මෙහා ගමන් කරන සහ මිනිසුන් පස් ගෙන යන” ආකාරය සටහන් වූ ඡායාරූප එවනු ලැබ ඇති නමුත් “අපි විවිධ කණ්ඩායම් එම ප්‍රදේශ පරීක්ෂා කිරීමට යවා ඇති බව ත්, එම කිසිදු ප්‍රදේශයක එකදු සිදුවීමක් හෝ සිදුව නොමැති බව මට සහතික විය හැකි බව ත්” ඔහු පැවසීය.

එසේ ම, තාලිබාන් ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ප්‍රතිමා, මමී, රන් ඔටුන්නක්, පොතක් සහ කඩු ඇතුළු ඩොලර් මිලියන 27ක් පමණ වටිනා පුරාවස්තු තොගයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයින් තිදෙනෙකු පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් බව ය.

එම භාණ්ඩ ජාතික කෞතුකාගාරයට භාරදුන් බව ත්, පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව ත් ඔවුහු පවසති.

මම අසීසිගේ ප්‍රතිචාරය මහාචාර්ය ස්ටේන් සමග බෙදා ගත්තෙමි.

“සාක්ෂි ඉදිරිපත් වෙද්දී ඒවාට මුහුණ දෙන එක ලජ්ජාවට කරුණක් මිසක්, මිනිස්සු ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ කියලා මට හිතාගන්න බෑ,” ඔහු පැවසීය.

“ඉතා වෙනස් දේශපාලන පාලන තන්ත්‍ර දෙකක් හරහා පවා ඒවාව අඛණ්ඩ පැවැත්මක් තිබුණා කියල්ලා අපට පෙන්වන්න පුළුවන්.”

මහාචාර්ය ස්ටයින් විශ්වාස කරන පරිදි කොල්ලකන ලද කෞතුක වස්තු ඉරානය, පකිස්ථානය සහ වෙනත් රටවල් හරහා ඇෆ්ගනිස්ථානයෙන් පිටතට ගෙන එන අතර පසුව ඒවා යුරෝපය, උතුරු ඇමෙරිකාව සහ ඈත පෙරදිග රටවල් වෙත පැමිණේ.

ඇතැම් ඒවා ලොව පුරා වෙන්දේසි සහ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ තිබුණත් එය කවදා කෙසේ සිදුවනවා ද යන්න අවිනිශ්චිත ය.

ඔහු පෙන්වා දෙන්නේ, ඒවා කිසි විටෙකත් ලැයිස්තුගත කර නොමැති නම් ඒවා සොයා ගැනීම දුෂ්කර නමුත් ඒ සඳහා උත්සහ කිරීම වැදගත් බව ත් තවත් එවැනි බොහෝ දෑ සොයාගත හැකි ස්ථාන ආරක්ෂා කළ යුතු බව ත් ය.

“ඇෆ්ගනිස්ථානයේ උරුමය ඇත්ත වශයෙන් ම ලෝක උරුමයේ කොටසක් වගේ ම ඒ දේවල් අවංකව ම අප හැමෝට ම අයිති දෙයක්” යැයි මහාචාර්ය ස්ටයින් පවසයි.

උපුටගැනීම BBC

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *