ලංකාවේ ආර්ථිකය කඩා වට්ටන චීන්නුන්ගේ මෙහෙයුමක් !

ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ජනතාව රවටන නවතම ක්‍රමවේදයක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. ඒ, මෙරටට සංචාරක විසා මත පැමිණෙන චීන ජාතිකයන් විසින් සිදුකෙරෙන මූල්‍ය වංචාවන් හරහා යි. මීට වසර කිහිපයකට පෙර නවීන ක්‍රම භාවිත කරමින් මුදල් වංචාවන්ගේ යෙදෙන අප්‍රිකානු ජාතිකයන් පිළිබඳව මෙරටින් වාර්තා වූණා. එහෙත් පවතින ආර්ථික අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් රට තුළට රිංගාගෙන සිටින චීන ජාතිකයන් විශාල පිරිසක් දැන් එම ආධිපත්‍යය නයිජිරියානුවන්ගෙන්, සියතට ගෙන ඇති බවට වාර්තා වෙනවා.අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත මාස කිහිපයක් තිස්සේ රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල වාසය කරන පුද්ගලයන්ගේ ගිණුම්වලින් කෝටි ගණනක මුදල් වංචා කළ චීන ජාතිකයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා වුණා.තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව අප්‍රේල් 01 වැනිදා එම චීනජාතිකයන් රැඳී සිටි හෝටලයට පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා සතුව තිබී පරිගණක හා ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකතන රැසක් හා මුදල් තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.මෙම වැටලීම සඳහා මූලික තොරතුරු චීන තානාපති කාර්යාලය මගින් ලබා දුන් බවට ද තොරතුරු අනාවරණය වී තිබුණු අතර මාස 6ක පමණ කාලයක් තිස්සේ මේ චීන ජාතිකයන් මෙහි රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචාවල නිරතව සිට ඇති බවට විමර්ශනවලදී පෙනී ගොස් ඇති බවට පොලිසිය පවසනවා. ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති චීන ජාතිකයන් තිදෙනා මෙවැනි වංචා සම්බන්ධයෙන් චීනයට අත්‍යවශ්‍යම පුද්ගලයන් තිදෙනකු බවටද තොරතුරු අනාවරණය වුනා.චීන ජාතිකයන් සම්බන්ධවූ මෙවැනි සිදුවීම් රැසක්ම ගෙවීගිය වසරේ දිගින් දිගටම වාර්තා වූ අතර, එහි නවතම සිදුවීම වාර්තා වන්නේ, මේ මස මුලදී කොළඹ පිහිටි සුප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක සේවය කරන 53 හැවිරිදි චීන සූපවේදියකු එම හෝටලයට රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි. ඊට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (Cඓඪ්) සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් දෙහිවල ප්‍රදේශයේ අන්තර්ජාල ණය ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් කඩිනමින් වටලමින් චීන ජාතිකයින් පස්දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු සමඟ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වංචනික ලෙස ණය ගැණුම්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු නීති විරෝධී ලෙස ලබාගෙන, ඔවුන් ප්‍රසිද්ධියේ අවමානයට ලක්කරන බවට තර්ජනය කරමින් ඔවුන්ගෙන් කප්පම් ගැනීමට කටයුතු කළ වංචා ජාලයක් මෙම මෙහෙයුම මගින් හෙළිදරව් වුණා.සංවේදී සංචාරක අංශයක් තුළ සිදු කෙර ඇති මෙම නිර්ලජ්ජිත ක්‍රියාව මගින් අවධාරනය කරන්නේ මෙම වංචනිකයින්ට ආරක්ෂිත පරිසරයන් විනිවිද යාමට සහ මූල්‍ය අවදානම් සූරාකෑමට ඇති හැකියාවයි. විවිධ වංචා සහ වංචා සම්බන්ධයෙන් 2023 වසරේදී පමණක් චීන ජාතිකයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය වහා අවධානය යොමු කළ යුතු ප්‍රවණතාවක් ඉස්මතු වී තිබෙනවා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *